බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමට දැඩි ආරක්ෂාවක්


(යොහාන් භාසුර)

ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක‍්‍රිකට් තරගාවලියකට සහභාගි වීමට අද (12) ශ්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ආරක්‍ෂාව දැඩි කරන ලෙස යුද හමුදාවට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් කියයි.

බංග්ලාදේශ ක‍්‍රිකට් සංචිතය ‘ජෛව බුබුලක’ කටයුතු කළ ද ක‍්‍රීඩකයන් එම බුබුලෙන් පිටතට යෑමේ අවදානම හේතුවෙන් ආරක්‍ෂාව වැඩි කරන ලෙස දැනුම් දුන් බවත් ක‍්‍රීඩකයන් නීති විරෝධී ලෙස බුබුලෙන් එළියට ගිය හොත් සෞඛ්‍ය තර්ජනයක් ඇති විය හැකි බවත් එම නිලධාරියා පවසයි.

සාමාජිකයන් 40 කට අධික සංඛ්‍යාවකින් යුත් බංග්ලාදේශ පිල මීගමුවේ හෝටලයක නවාතැන් ගන්නා බවත් මේ මස 19 වැනිදා මහනුවර බලා පිටත්ව යෑමට නියමිත බවත් එම නිලධාරියා සඳහන් කරයි.

බංග්ලාදේශ සංචිතය පුරා දින තුනක් හෝටල් කාමරයේම ගතකළ යුතු බවත් මේ මස 15 වැනිදා සිට කටුනායක මේරියන්ස් ක‍්‍රීඩාංගණයේ පුහුණුවීම් ආරම්භ කරන බව ද එම නිලධාරියා කීය. බංග්ලාදේශ සංචිතය වෙන්කළ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළට අද (12* පස්වරු 3.00 ට ළගාවීමට නියමිතය.