
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අනීතික විදුලි බිලට එරෙහිව සංවිධාන කිහිපයක් එක්ව අද( 1) දිවුලපිටිය නගරයෙන් ආරම්භ කල පාගමන නගර සීමාවේදීම නතර කිරීමට පොලිසිය පියවරගත් අතර භික්ෂූන් වහන්සේ නමක කාන්තාවක ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
සසුන රැකුමේ ගෝලීය සංසදයේ කැඳවුම්කරු බලංගොඩ කාශ්‍යප හිමි” විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික” මහතාද අත්අඩංගුවට ගත් පිරිස අතර විය.
එම සංවිධාන සහ ජාතික පුරවැසි උපදේශණ සංගමය එක්ව ‘අනීතික විදුලි බිලට එරෙහි පාගමන’ පෙරවරු 8.40 ට පමණ දිවුලපිටියේ බස් නැවතුම් පොල අසලින් ආරම්භ කෙරිණි .
ඒ අවස්ථාවේදී ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් විරෝධතාකරුවන් ඇමතූ මීගමුව පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා මෙම පා ගමන හේතුවෙන් මහජන පීඩාවක් සිදු වන හෙයින් පොලිස් ආඥා පනත ප්‍රකාරව පා ගමන නවතා විසිර යන ලෙසට නියෝග කරනු ලැබීය.
එම අණ තොතකා විරෝධතා පා ගමන ඇරැඹිණි.



