පොලිසියට නව රූපලාවන්‍යාගාරයක්


(ගයාන් සූරිය ආරච්චි)

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නවීන රූපලාවණ්‍යාගාරය 'රූ සිරි' වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) විවෘත කෙරිණි.

කොණ්ඩා කැපීම් ඇතුළු මෙහි සේවා සහනදායී මුදලකට මෙතෙක් පොලිස් නිලධාරීන්ට පමණක් සීමාරී තිබූූ අතර  මින් ඉදිරියට පොලිස් නිලධාරිනියන්ට, පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ රූපලාවන් එසේවාව ලබා ගැනීම සඳහා පැමිණෙන බාහිර පුද්ගලයන්ටද සහනදායි මුදලකට මෙම සේවාව ලබාගත හැකි බව පොලිස් මුල ස්ථානය පවසයි.

පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සිටින ප්‍රවීණ රූපලාවන්‍ය   ශිල්පීන්ට ද  මෙම නවීන රූපලාවන්‍යාගාරයේ සේවය කිරීමට අවස්ථාව ලබාදීමද විශේෂත්වයකි.

මෙයාකාරයෙන් දිවයින පුරා  රූපලාවණ්‍යාගාර පිහිටුවා පොලිස් පවුල්වල සාමාජිකයන් මේ සඳහා සහභාගි කරවාගෙන එම පොලිස් පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීමටද පියවර ගැනීමට නියමිත ය.

පොලිස් සේවා වනිතා ඒකකයේ වැඩ බලන සභාපතිනි  නිල්මිණී සමරතුංග, සාමාජිකා සංදිපා සෙව්මිණී, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරිනි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.