(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (23) පස්වරුවේ සිදු විය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සහ සේනාධිනායක ධූරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායිකව මෙම හමුව සිදු වූ අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණ.


