පොලිස් රාජකාරියට බාධා කළායැයි නඩුවකින් ඥාණසාර හිමි නිදහස්


(නිමන්ති රණසිංහ)

රාජගිරිය නාවල පාරේ මාර්ග බාධකයක මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බියගැන්වීමක් සිදුකළැයි කියන සිද්ධියකට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට එරෙහි නඩුවෙන් උන්වහන්සේ නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (11) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුවේ පැමිණීලිකරු නඩු විභාගයට දිගින් දිගටම පෙනී නොසිටිම හේතුවෙන් සැකකාර හිමිනම නඩුවෙන් මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබූවේ ඉකුත් ඔක්තෝම්බර් මස 14 වැනිදාය. එහිදී එම චෝදනාවට තමන් නිවැරදිකරු බව ඥාණසාර හිමියෝ පැවසූහ.