(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් පරීක්ෂකවරියකට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවට ඉදිරිපත් නොවන ලෙස එම පොලිස් පරීක්ෂකවරිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වන සැමියා සමඟ පැමිණිලිකාරියගේ නිවසට ගොස් මරණීය තර්ජන සිදු කළ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කොට්ටාව පොලිසිය කියයි.
පන්නිපිටිය රුක්මලේ පදිංචි හිටපු පෙර පාසල් ගුරු උපදේශිකාවක් මෙලෙස පැමිණිලි කර තිබේ.
නාරාහේන්පිට පොලිස් රෝහලට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරියක් පැමිණිලිකාර හිටපු පෙර පාසල් ගුරු උපදේශිකාවට අපහාසයක් වන අයුරුරින් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පළ කිරීම සම්බන්ධයෙන් පැමිණිලිකාර ගුරු උපදේශකවරිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම නඩුව මෙම මස 23 වෙනි දින නැවත කැඳවීමට ද නියමිතය.