(ඉන්දිකා රාමනායක)
ස්කෝපියෝ වර්ගයේ ජිප් රථයක් පොලිස් ස්ථානාධිපතිවරුන් භාවිතා කරන ජීප් රථයක් ආකාරයට සකස්කර ගංජා සහ මත් කුඩු ප්‍රවාහනය කළ සැකකරුවෙකු කලුතර බෝඹුවල ප්‍රදේශයේ දී පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ විසින් ඒකකයේ විසින් අද (5) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.
පොලිස් ජීප් රථයකින් මෙම නිවසට ගංජා සහ මත්කුඩු ප්‍රවාහනය කරන බවට පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරු ජිප් රථය වෙනත් පුද්ගලයකුගෙන් මෙම ජනවාරි මස මිලදී ගෙන ඇති අතර කළු පාට වර්ණයෙන් තිබූ එම ජීප් රථය නීති විරෝධී ලෙස නිල්පාටින් වර්ණ ගන්වා, පොලිස් ජිප් රථයක් ආකාරයට සකස් කර, ගමන් කථන පවා සවිකර තිබූ බව පොලිසිය පවසයි.
මාර්ග බාධක එක දීපු වුවද සැක නොහිතන ආකාරයට සැකකරු පොලිස් ජිප් රථයක් ආකාරයටම මෙය සකස් කර තිබූ බවද පොලිසිය පවසයි.
අඩංගුවට ගත් සැකකරු බෝඹුවල ප්‍රදේශයේ පදිංචි 25 බවත් මත්කුඩු ජාවාරම සහ ගංජා ප්‍රවාහනය සම්බන්ධයෙන් නඩු රැසක්ම ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා දොඩංගොඩ පොලීසියට බාර දී ඇත.