පොල්ගහවෙල කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්


(චාන්දනී දිසානායක )

කොරෝනා අතරමැදි  සත්කාරක  මධ්‍යස්ථානයක් අද (01) දින පොල්ගහවෙලදී  විවෘත කෙරිණි .

එහි රුපියල් ලක්ෂ අසූවක් වටිනා  ඇඳන් 450 කින් යුක්තය.

 මාස්‘ ඇඟලුම් කර්මාන්ත ආයතනයේ  අනුග්‍රහය මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයට ලැබුණු අතර , වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ සහභාගිත්වයෙන් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කෙරිණි .

 මෙම අවස්ථාවට පළාතේ සෞඛ්‍ය නිලධාරීන් සහ අනුග්‍රාහක ආයතන සම්බන්ධ වූහ .