(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
බිබිල ටැම්ගොඩ රාජ මහා විහාරයේ විද්‍යානන්ද පිරිවනේ ඉගෙනුම ලබමින් සිටි හිමිනමක් අද (04) දින පන්සලේ ශ්‍රමදානයක නිරතව සිටියදී පොල් කොටයකට යටවී සිදුවු අනතුරකින් අපවත් වු බව පොලිසිය කියයි.
විහාරස්ථානයේ වැඩ වාසය කළ අරවාකුඹුරේ සංඝරතන හිමියෝ (16) අනතුරින් අපවත්වුහ.
විහාරස්ථානයේ උදෑසන පැවැත් වූ ශ්‍රමදානයකට සහභාගි වු හිමිවරුන්ගෙන් පස් නමක්
එක්ව පොල් කොටයක් ඉවත් කිරීමට ඔසවාගෙන යද්දී කොටය බිමට වැටෙන අවස්ථාවේ අපවත්
වු හිමිනමගේ හිසට වැටී තුවාල සිදුවීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුරින් හිසට බරපතල තුවාල සිදුවු හිමිනම බිබිල රෝහලට ගෙනයන විටත් අපවත් වී සිටිය බව
පොලීසිය කියයි.
බිබිල පොලිස් සථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියබන්දු වෙදගෙදර මහතාගේ උපදෙස් මත නිලධාරිහු පරීක්ෂණ පවත්වති.

