පොදුජන පෙරමුණ සන්ධානයක් ලෙස සන්ධාන ගතවීමට යයි


(ජයන්ත සමරකෝන්)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා පොදු ජන සන්ධානය නමින් සන්ධාන ගතවීම සඳහා පක්ෂ නායකයින් හමුවේ පැවැති සාකච්ඡාවකදී එකඟතාවයකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (04) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

ඒ සමඟම පක්ෂයේ ව්‍යවස්ථාවට සියලුම පක්ෂ නායකයින්ගේ අනුමැතිය ලැබුණු බවද මන්ත්‍රීවරයා කීය.

දැන් කළ යුත්තේ නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා විවෘත කළ හරිපාරේ ගමන් කිරීම බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.