පොදු සමා කාලයේදී සේවය හැරගිය හමුදාවේ 8,005 ක් බාරවෙති


(ඉන්දිකා  රාමනායක)
 
 72 නිදහස් සමරුව නිමිත්තෙන්  හමුදා සේවය හැරගිය ආරක්ෂක අංශ සාමාජිකයන්  වෙනුවෙන්  ප‍්‍රකාශයට පත් කර තිබු  සතියක පොදු සමාකාලය තුළ  ති‍්‍රවිධ හමුදා සේවය හැරගොස් සිටි නිලධාරීන් 13 දෙනෙකු සමඟ සෙසු නිළයෙන් 8,005 දෙනකු  මෙම පොදු සමා කාලය තුළ   බාර වු බව හමුදාව පවසයි.
 
මෙම පොදු සමාකාලය  මස 05 වැනි දින සිට  12 වැනි දින දක්වා  ප‍්‍රකාශයට පත්කර තිබිණි. එම කාලය ඊයේ(12)  අවසන්  විය. 
 
මෙම අතර  යුද හමුදාවේ  නිලධාරීන්   7 දෙනකු සමග  සෙසු නිළයන් 8,005   දෙනෙක් ද,   නාවික හමුදාවේ     773  දෙනෙක් ද, ගුවන් හමුදාවේ  නිලධාරීන් 6 දෙනකු සමග  සෙසු නිළයන් 1,141  දෙනෙක් ද  සිටින  බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ මහතා පැවසීය.
 
මෙම පිරිසෙන් බොහෝ දෙනෙකු නැවත හමුදා සේවය එක් වු බවද  කියති.
 
මෙම කාලය තුළ  නිසි ප‍්‍රචාරය ලබා දෙමින් පිරිස ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කි‍්‍රයා කළ සියලූ මාධ්‍ය ආයතන වෙත හා  මෙම පිරිස යළිත් හමුදා සේවයට වාර්තා කිරීමට දිරිගැන් වු ඔවුන්ගේ ඥාතීන්ට   ආරක්ෂක ලේකම්   විශ‍්‍රාමික මේජර් ජනරාල්  කමල් ගූණරත්න මහතා  සහ ති‍්‍රවිධ හමුදාපතිවරුන්  සිය ස්තූතිය පල කළහ.