පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නම්කරයි


(රංජන් කස්තුරි)

දුම්රිය, ලංගම සහ සියලුම පොදු ප්‍රවාහන සේවාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසි නීති බලතල යටතේ පොදු ප්‍රවාහන සේවා සියල්ල අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ඉකුත් 27වැනි දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.  

ඒ අනුව මගීන් හෝ භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන්, එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය දුම්රිය ධාවනය, දුම්රිය හා දුම්රිය මාර්ග නඩත්තුව හා නිසි ආරක්ෂාව ආරක්ෂාව සැපයීමට අදාළ සංඥා පද්ධති මෙහෙයුම්, ප්‍රවේශපත්‍ර, නිකුත්කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ.