පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති මරුට


පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාෂියා අද (17) සිය හිසට වෙඩි තබා ගනිමින් මරණයට පත්වී ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. 

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණ තිබෙන අතර එම අවස්ථාවේදී ඔහු එසේ සිය හිසට වෙඩි තබා ගෙන තිබෙන අතර රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබේ. 

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ඔහු එලෙස වෙඩි තබාගෙන ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ පක්ෂයේ නිලධාරියෙක් පැවැසීය.

“ඇලන් ගාෂියා මියගියා. අප්රා දිගුකල් ජීවත් වේවා” යැයි හිටපු ජනාධිපතිවරයා නියෝජනය කරන ‘ඇමෙරිකන් පොපියුලර් රිවලූෂනරී අලයන්ස් (අප්රා)’ පක්ෂයේ මහලේකම් ඕමාර් කුසාදා පවසා ඇතැයි ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. 

055