(සමන් පාලිත නානායක්කාර)
ත්‍රිකුණාමලය අයි ඕ සී ඉන්ධන ගබඩාවේ සිට හපුතලේ තෙල් ගබඩාවට පැමිණි ඩීසල් ලීටර් 33000 රැගත් තෙල් බවුසරයක් අද (11) උදේ හපුතලේ පංකැටිය ප්‍රදේශයේ දී මාර්ගය හරහා පෙරළී ඇතැයි ද ඉන් වෑහෙන තෙල් ප්‍රදේශවාසීන් පොරකමින් ලබාගන්නා බවද පොලිසිය කියයි.
මාර්ගය ලිස්සා ගොස් ලොරිය පෙරළී ඇතැයි ද මින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බවද පොලිසිය කියයි.
මෙම බවුසරයේ ඉන්ධන වෙනත් බ වුසරයකට ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදමින් ඇතැයිද පොලිසිය කියයි.
ඉවතට යන තෙල් කෑන් රැගෙන විත් ප්‍රදේශවාසීන් ලබාගන්නා බවද පොලීසිය කියයි.
හපුතලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.