පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් දුමින්ද නාගමුව ජනපති සටනට


(හසිත රංග ගුණතිලක)

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාව අද (09) නම් කරනු ලැබීය.

යුක්තිගරුක සමාජයක් වෙනුවෙන් සමාජවාදී අපේක්ෂකයෙක් යන මැයෙන් කොළඹ නව නගර ශාලාවේ අද (09) පැවැති සම්මන්ත්‍රණයකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් නාගමුව මහතාව පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබිණි.

කුමාර් ගුණරත්නම් මහතා විසින් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමත් සමඟ සම්මන්ත්‍රණයට එක්ව සිටි සියලුම දෙනා තම අසුනින් නැගිට දෑත් ඔසවා එම යෝජනාව ඒකමතිකව අනුමත කළේය.

(ඡායාරූප - ගයාන් අමරසේකර)