පෙරටුගාමී - කොමියුනිස්ට් අර්බුදවලදී එක්වෙයි


(යොහාන් භාසුර)

පොදුවේ ජනතාව මුහුණ දෙන අර්බුදය සහ ඒ සඳහා ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය අතර අද (27) කොළඹ, ආචාර්ය එන්. එම්. පෙරේරා මාවතේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්‍යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

එම සාකච්ඡාවට කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ, හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එස්. සුභසිංහ, දේශපාලන මණ්ඩල සභිකයින් වන අගා ජයසේන, සැනී විජේසිංහ, ඩී කේ ජිනදාස සහ මධ්‍යම කාරක සභික විල්ෆ්‍රඩ් ජයසිංහ යන මහත්වරු ද, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි පාලක ලේකම් චමීර කොස්වත්ත, ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහභාගී යන මහත්වරු ද, සහභාගි වූහ.