
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පූගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට සිටි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් එස් වන්නිආරච්චි මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පොලිස් සැරයන්වරයෙකු ඇතුළු 8දෙනෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම සිද්ධිය සමඟම පූගොඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා මන්නාරම පොලිස් කොට්ඨාසය වෙත සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා තිබිණි.

