පුරාවිද්‍යා පනත සංශෝධනය කරනවා


(විනීතා එම් ගමගේ)
 
පුරාවිද්‍යා  පනතට සංශෝධන ගෙන ඒමට හෝ නවතම පනතක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමිය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ලංකාදීපයට අද(07) පැවැසීය.
 
ඒ සඳහා මූලික කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටුමක් ඇති නොවන පරිදි එම සංශෝධන සිදුකිරීම හෝ නව පනතක් ගෙන ඒම සිදුවනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
පුරාවස්තු විනාශයන්ට එරෙහිව පවතින දඩමුදල් හා දඬුවම් වැඩි කිරීම ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ පුරා විද්‍යා පනතට සංශෝධන ගෙන ඒමට පැවැති රජය 2017 දී උත්සාහ කළ නමුත් එම සංශෝධන සිදුනොවීය.