පුරවසම් කුලම OIC අල්ලස් දැලේ පැටලෙයි


(ගයාන් සූරිය ආරච්චි සහ සිතුම් චතුරංග)

ඉඩමක ආරවුලක් විසඳා කරදරයක් නොමැතිව එය පවත්වාගෙන යෑම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලස් ගත් බව කියන පුරවසම් කුලම පොලිසියේ ස්ථානාධිපතිවරයා  ඊයේ (21) අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂකවරයෙකි.

සෙට්ටි කුලම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර තිබුණි.

 

ඒ අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුගේ නිල කාර්යාලය තුළදී රුපියල් ලක්ෂ පහක් අල්ලස් මුදල් ලබා ගැනීමේදී අල්ලස්සො දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.