පුද්ගලයකු ඝාතනය කර ආභරණ කොල්ල කා පලා යයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ 2 ධර්මපාල මාවතේ නිවසක් තුළදී උල් ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කර ඔහු පැළඳ සිටි රන් ආභරණ කිසියම් පුද්ගලයකු කොල්ල කා පලාගොස් ඇතැයි කොම්පඤ්ඤවීදීය පොලිසිය පවසයි.

නිවසට පැමිණි පුද්ගලයා ඝාතනයට ලක් කළ පුද්ගලයා පැළඳ සිටි රන් මාලය - මුදුවක් හා අත් පළඳනාවක් කොල්ල කා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා 49 හැවිරිදි වියේ පසුවෙයි.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)