(එස්. ඩි. කොඩිකාර )
මීට දින කිහිපයකට ඉහත දී මියගිය පුද්ගලයකුගේ නරක් වූ පිරිමි මළ සිරුරක් අද (23) හොරගල ,තිබ්බොටුවාව කන්දේ නිවසේ තිබී සොයාගත් බව කොස්මෝදර පොලීසිය කියයි .
මෙසේ මියගොස් තිබුණේ (51) හැවිරිදි අවිවාහක උඩ හොරගල ,වරල්ල පදිංචි විතාරණගේ විමල් නැමැත්තෙකු බව පොලිසිය හදුනාගෙන ඇත .
මියගිය පුද්ගලයා හොරගල ,තිබ්බොටුවාව කන්දේ නිවසක තනියම වාසය කර ඇති අතර තම සහෝදරයා සතියකට වරක් ඔහුට අවශ්‍ය වියළි සලාක රැගෙන ගොස් දෙන බවත් මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.
ඒ ආකාරයෙන්ම අද දිනයේ තම සහෝදරයා වියළි සලාක රැගෙන යන අවස්ථාවේ තම වැඩිමහල් සොයුරා මියගොස් තිබූ ආකාරය දැක ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත .
මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස දෙනියාය හදිසි මරණ පරීක්ෂක කේ.ඒ. ජයන්ත මහතා නියෝග කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි