පුතුගේ මෝටර් රියට යටවී කථිකාචාර්ය මව මිය ගිහින්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච්.එම්.ධර්මපාල)

කොහුවල ජයසුමනාරාම මාර්ගයේ බෑවුම් සහිත ප්‍රදේශයක නවතා තිබූ   සුපෝබෝගේ මෝටර් රථයක් ඉදිරියට ධාවනය වී එයට යටවීමෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක මියගොස් ඇතැයි කොහුවල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොහුවල වුඩ්ලන්ඩ් මාවතේ ජයසුමනා මාර්ගයේ පදිංචිව සිටි ජානකි දීප්තිකා ජයවර්ධන 59 හැවිරිදි දෙදරු මවකි.

පුතුට අයත් මෝටර් රථය මෙසේ  අනතුරට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මරණකාරියගේ පුතු අත්අඩංගුවට ගෙන ඇත.

ඡායා එච්.එම්.ධර්මපාල