(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුතෙකු විසින් උදැල්ලකින් සහ පිහියකින් පහරදුන්නැයි තුවාල ලැබූ පියකු මියගොස් මව රෝහල් ගතකර ඇතැයි මාලබේ පොලිසිය කියයි.
එම ප්‍රහාරයෙන් පසු සැකකරු පියාගේ සිරුරට ගිනි තබා ඇතැයි ද පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වන රංජිත් සේනාරත්න නැමැති ත්‍රීරෝද රථ රියදුරෙකි.
තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව පුනරුත්ථාපනය ව සිටි පුතු මව විසින් මෑත කාලයේ දී නිවසට ගෙන්වා ගෙන තිබූ අතර කිසියම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධියට සැකකෙරෙන 28 හැවිරිදි සැකකාර පුතු අත්අඩංගුවට ගැනීමට මාලබේ පොලිසිය පරීක්ෂණ පවත්වයි

