පීසීආර් පරීක්ෂණයට විරෝධය පළ කළ ධීවරයෙක් අත්අඩංගුවට


(ඩී.ජී.සුගතපාල)


ගාල්ල කොටුව බාල දක්ෂ මාවතේ රත්ගම වැල්ලේ ධීවරයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගනිමින් සිටි  සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරින්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා විරෝධය පෑ ධීවරයෙකු අද(24) දහවල් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වක්වැල්ල පාර පදිංචි 60 හැවිරිදි  ධීවරයෙකි.
 
ගාල්ල නගර සභාව විසින් බෝපෙ පොද්දල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කාර්ය මණ්ඩලයේද සහාය ඇතිව අද ගාල්ල ධීවර වරාය, ජාකොටු වැල්ල සහ රත්ගම වැල්ල යන ස්ථානවල ධීවරයින්ගේ පී.සී.ආර්.පරික්ෂණ සිදු කරන ලද අතර මහජන සෞඛ්‍ය පරික්ෂක චිරන්ත ගුරුගේ මහතා රත්ගම වැල්ලේ පි.සී.ආර්.පරික්ෂණ කටයුතු කරමින් සිටියදි පැමිණි සැකකරු එයට විරෝධය පළ කරමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදි ඇත.
 
සිද්ධිය පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව ජංගම මුර සංචාරයේ යෙදි සිටි උප පොලිස් පරික්ෂක ප්‍රියන්ත මහතා ඇතුලු නිලධාරින් පැමිණ සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
 
සැකකරු හෙට ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.