
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මහනුවර ශ්‍රී දළදා මාලිගාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකුට අයත් රාජ්‍ය බැංකුවක ඒටීඑම් කාඩ් පත සොරාගෙන එමගින් රුපියල්105,000මුදලක් වංචාවෙන් ලබා ගත්තේ යැයි කියනපොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ද දළදා මාලිගාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල් වරයෙක
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ ගෙන් ප්‍රශ්න කර හෙළි කර ගන්නා තොරතුරු මත ඔහු විසින් සොරාගත් ඒටීඑම් කාඩ් පත යොදා ලබාගත් ලබා ගත් බව කියනමුදලින් රුපියල් හැත්තෑපන් දහසක් දසොයාගත් බව මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට මහනුවර මූලස්ථාන පොලිසිය කටයුතු යොදා ගෙන යයි.
මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා ඔහුගේ වැඩ තහනම් කිරීමට ද නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

