පී.සී.ආර්. ප්‍රමාදයට අඟුණකොලේ රැඳවියෝ විරෝධය පළ කරති


(යොහාන් භාසුර සහ චන්ද්‍රසේන ගමගේ)

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රමාදයට විරෝධය දක්වමින් අද  පස්වරුවේ විරෝධතාවක් දැක්වීම නිසා එම බන්ධනාගාරය තුළ උණුසුම් තත්වයක් ඇතිවූ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

‘පී.සී.ආර්. පරීක්‍ෂණ ඉක්මන් කරන ලෙස සහ හැකි ඉක්මණින් ඇප ලබාගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් රැඳවියෝ විරෝධතාවක් ආරම්භ කළ බවත් දැඩි වෙහෙසක් දරා එය මැඩපැවැත්වූ බවත් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් කීය

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට කිසිඳු කොවිඩ් ආසාදිතයෙක් පිටින් ගෙනවිත් නොමැති බවත් ඇතැම් රැඳවියන් කොවිඩ් අවදානම හරහා වෙනත් වාසි ලබාගැනීමට උත්සාහ කරන බවත් එම නිලධාරියා පැවසීය.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන්  කොවිඩ් ආසාදිත රැඳවියන් 20 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබූණි.