පිහි ඇනුමකට සැකපිට රගර් උපදේශකවරයෙකු අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

කොළඹ පුරහල ධර්මපාල මාවතේ නිවසකදී පිහියෙන් ඇන පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අද (06) පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ දී කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙත ඇත.

සිද්ධියේ දී සැකකරු ද තුවාල ලබා ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

49 හැවිරිදි එම සැකකරු පොලිස් රගර් කණ්ඩායමේ සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවත් පසුව ඔහු කොළඹ ප්‍රධාන පිරිමි විදුහලක රගර් උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිට ඇති බවද පොලිසිය කීය.

මෙම සැකකරු වසර 7 ක පමණ කාලයක සිට මෙම කුලී නිවසේ සිද්ධිය වන තෙක් පදිංචිව සිට ඇත.