පිල්ලෙයාන් දින 90ක් රඳවන්න අවසර


(සුජිත් හේවාජුලිගේ )

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත්  පිල්ලෙයාන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයෙන් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

නැගෙනහිර පළාතේදී 2006 වර්ෂයේ දී  විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලව පිල්ලෙයාන් පසුගිය 8 වැනිදා රාත්‍රී  මඩකලපුවේදී අත්අඩංගුවට ගනු ලැබීය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට ඉහතදී ඔහුගෙන්  ප්‍රශ්න කරන ලදි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන්ද පිල්ලයාන් අත්අඩංගුවට ගෙන කාලයක් රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරනු ලැබ සිටියේය.