පියයුරු පිළිකා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක්


 

(හර්ෂණ තුෂාර සිල්වා)

පියයුරු පිළිකා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අන්තර්ජාතික මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමය සංවිධානය කළ වැඩසටහන් රැසක් මේ මාසය මුළුල්ලේ පැවැත්විණි.

ශ්‍රී ලංකා පිළිකා සංගමය ආරම්භ කරන ලද්දේ 1948 වසරේ දීය. එතැන් සිට පටන් එම සංගමය ක්‍රියාත්මක කරන සෑම වැඩසටහනක්ම ක්‍රියාත්මක කරන ලද්දේ මහජනතාවගේ ධන පරිත්‍යාගයෙනි.

මෙවර ද පියයුරු පිළිකා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අන්තර්ජාතික මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමය සංවිධානය වැඩසටහනක් රැසක් ක්‍රියාත්මක කර තිබූ අතර ඒ.අයි.ඒ. රක්ෂණ ආයතනය සහ තවත් ආයතන රැසක් සමඟ එක්ව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබිණි.

එහිදි පියයුරු පිළිකා රෝගීන්ට ඇප උපස්ථාන කිරීම, දුර බැහැර සිට මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන පියයුරු පිළිකා රෝගීන්ට නවාතැන් පහසුකම් සපයාදීම යනාදී කටයුතු සඳහා කරන වැඩසටහන්වලට අරමුදල් එක්රැස් කිරීමේ වැඩසටහන් ද සංවිධානය කර තිබිණි.‍

ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහන් කිහිපයක් ද සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහජන අධ්‍යාපන කමිටුව මගින් එම වැඩසටහන් සංවිධානය කර තිබිණි.