(ජයන්ත සමරකෝන්)
දිවයිනේ කතෝලික දේවස්ථාන හා හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් 293දෙනෙකු වෙනුවෙන් එක් පුද්ගලයකුට රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදලක් ලබාදීම අද(22) සිට ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද එම අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මීට අමතරව මිය ගිය අය සඳහා අමතර තවත් මූල්‍යාධාර ලබාදීමට කැබිනට් මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකායක් ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා කීය.
සිද්ධීන්ගෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති 502දෙනෙකු සඳහා එහිදී මුදලක් ලබාදීමටද තවත් කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

