(ඩයනා උදයංගනී)
දිවයිනේ ස්ථාන කිහිපයක පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි.
කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක තුවාලකරුවන් 500ක් පමණ මේ වනවිටත් ප‍්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
මෙම ප‍්‍රහාරවලින් තුවාල ලැබ කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙකු ඊයේ (22) රාත‍්‍රියේ මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

