පිටරටින් එන සංචාරකයන්ට සුභ ආරංචියක්


(සුජිත් හේවාජුලිගේ)

දින අනූවකට වඩා මෙරට රැඳී සිට රුපියල් පනස් දහසක වැට් බදු ගෙවූ විදේශිකයන්ට එම වැට් බදු නැවත ලබාදීමට රජය තීරණය කර ඇත.

එසේ බදු නැවත ලබාදීම සඳහා විශේෂ කවුළුවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පසුගියදා ස්ථාපනය කරනු ලැබීය.

බදු එකතු කිරීම ක්‍රමවත් කිරීම මෙහි අරමුණ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  මහතා පැවසීය.

මැණික් හා ස්වර්ණාභරණවලට වැට්  එකට වූ විට ඇත්ත ආදායම හැඟුණු බවද ඔහු සඳහන් කළේය.