පිටපළාත්වලට ඉදිරියේ කොරෝනා එන්නත්


(රන්ජන් කස්තුරි)

බස්නාහිර පළාතට අමතරව ඉදිරියේදී මහනුවර,කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල ජනතාවට ද කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය.

වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ද ඇමැතිවරිය පැවැසුවාය.

බස්නාහිර පළාතේ පුද්ගලයන් ලක්ෂ 11කට මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ද වන්නි ආරච්චි මහත්මිය සඳහන් කළාය.