පිටකොටුවේ ගොඩනැගිල්ලක ගින්නක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 


පිටකොටුව, පළමු වන හරස් වීදියේ ගොඩනැගිල්ලක අද (20) ගින්නක් හටගෙන ගත් බව පිටකොටුව පොලිසිය කියයි

 ගොඩනැගිල්ලේ 3 වන මහලේ ඇති විදුලි උපකරණ වෙළඳසැලක් මෙසේ ගිනි ගෙන ඇති බව වාර්තා වේ.

ගින්න යා ගින්න යාබද වෙළඳසැල් කීපයකටද පැතිරි ගොස් ඇතැයි පොලිසිය කියයි

ගින්න නිවීමේ කටයුතු සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනිබටයන් 60 ට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත ගිනි නිවන රථ 15  මෙන්ම කෝට්ටේ සහ දෙහිවල නගර නගර සභාවේ ගිනි නිවන රථ මෙන්ම ගුවන් හමුදාව නාවික හමුදාවේ සහ වරාය  ගිනි නිවන රථ ද යොදවා ගින්න පාලනය කළ බව  ගිනි නිවන හමුදාව සඳහන් කළේය.

මේ අතර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදා ට්‍රක් රථ 2ක්ද ගුවන් යානාවක්ද මේ වන විට යොමු කළ බවයි.