පිටකොටුව වේල්ලවීදියේ කඩ පෙළක ගින්නක්


(ඉන්දිකා රාමනායක)

පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ ප්ලාස්ටික් සා ඇලුමිනියම් භාණ්ඩ අලෙවිකරණ කඩ පෙළක ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන හමුදාව පවසයි.

ගිනි නිවන හමුදාවේ රථ අටක් සමඟ භටයින් 25 දෙනෙකු ඒ සඳහා යොමු කර ඇති බවත් ඔවුන් මේ වන විට ගින්න නිවීමේ කටයුතු වල කටයුතුවල නිරතව සිටින බව ද ගිනි නිවන හමුදාව පවසයි.

(ඡායාරූප: ගයාන් අමරසේකර)