(ලාල් එස් කුමාර)
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළට සහ මැනිං වෙළෙඳපොළට සාමාන්‍ය පරීදි එළවළු සහ මාළු තොග වශයෙන් පැමිණියත් ඒවා මිලදී ගැනීමට ව්‍යාපාරිකයන් නොපැමිණීම නිසා එම තොට වෙළෙඳපොළේ ගොඩ ගසී ඇතැයි වාර්තා වෙයි.
සංචරණ සීමා නිසා වෙළෙඳුන් මාළු සහ එළවළු මිලට ගැනීමට නොපැමිණි බව ද පෑලියගොඩ මත්‍ය වෙළෙඳ සංගමයේ සභාපති ඩබ්ලිව්.ඒ. ජයසිරි මහතා කියයි.
මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ ඉදිරි දින දෙක තුළ මෙම ගැටළුවට විසඳුම් ලබා දෙන බව පවසයි.

