පැහැරගෙන යද්දී දැරිය ත්‍රි රෝද රියෙන් පැන දිවගොස් බේරිලා


(සමන් පාලිත නානායක්කාර) 

බණ්ඩාරවෙල මකුල් ඇල්ල ප්රනදේශයේ අද (13) උදේ   පාලු පාරක දී තී රෝද රථයකින් පැහැරගත් පාසල් එමින් සිටි 11 හැවිරිදි දැරියක් ත්‍රිෙරා්ද රථයෙන්  පැන දිවගොස් බේරී ඇති බව බණ්ඩාරවෙළ පොලීසිය කියයි. 

සි ද්ධියට මුහුණ පා ඇත්තේ බණ්ඩාරවෙළ නමුණුකුල මහා විද්‍යාලයට උදෑසන එමින් සිටි  6 වසරේ ඉගෙනුම ලබන දැරියක බවද පොලිසිය කියයි. 

දැරිය පාසලට පැමිණ තමා මුහුණ දුන්  සිද්ධිය ගුරුවරුන්ට පවසා තිබේ. 

 ත්‍රි රෝද රථයෙන් පැමිණි දෙදෙනකු මෙම දැරිය තීරෝද රථයට නංවා ගෙන ඇති බවත් කිසියම් පානයක් බීමට දී ඇති බවත් දැරිය පවසා ඇති බව පොලිසිය කියයි.
  
මෙම දැරිය  පෙර වරු 6.50 ට පමණ නිවසින්  පැමිණ ඇති බවත් පාසලට යන මගේ ඇති ටර්පන්ටයින් රක්ෂිතය මැදින් ඇති පාරේ ගමන් කරන විට තීරෝද රථයකින් පැමිණි  දෙදෙනෙකු දැරිය ඔසවා ත්‍රිෙරා්ද රියට  දමා ගෙන ඇති බවද දැරිය පාසලේ දී ගුරුවරුන්ට පවසා තිබේ.

  ත්‍රි රෝද රථයේ දී කිසියම් දියරයක් කටට දැමූ බවත් ඒවා තිත්ත නිසා  නොබිව් බවත්  පාසලේදී ගුරුවරුන්ට කී පසු දෙමව්පියන් ගෙන් වා දරුවා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලීසිය කියයි.
මොවුන් රතු   පැහැති ත්රීන  රෝද රථයකින් පැමිණි බවද දැරිය පවසා තිබේ. 
 බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි .