(තරිඳු ජයවර්ධන)
අද උදෑසන රහස් පොලිසිය හමුවේ පෙනී සිටි ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් රහස් පොලිසිය පැය හතක් තිස්සේ ප්‍රශ්න කරමින් සිටියි.
රහස් පොලිසිය කළ දැනුම් දීමක් අනුව ඒ මහතා මිනීමැරුම් විමර්ශන අංශයේ පෙනී සිටියේ අද උදෑසන 9.15ට පමණය.
ජනාධිපතිවරයා, හිටපු අරක්ෂක ලේකම්වරයා හා සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් ගැන රහස් පොලිසිය ඒ මහතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගනියි.