පැමිණිල්ල හරි හැටි නොලියූ ඩබ්ලිව්.එස්.අයි.ගේ වැඩ තහනම්


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය.)

නිවසකට හොර රහසේ ඇතුළු වී දේපොළ සොරා ගෙන යෑමක් සම්බන්ධයෙන් පැමිණිල්ල සටහන් කිරීමේදී සොරාගත් දේපොළ වල සැබෑ වටිනාකම සඳහන් නොකර පැමිණිල්ල ලියා ගත් බව කියන මොනරාගල, මැදගම පොලිසිය රාජකාරි කරනකාන්තා උප පොලිස් පරීක්ෂකවරියකගේ වැඩ තහනම් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මොනරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වාමෙම උප පොලිස් පරීක්ෂකවරියගේ වැඩ තහනම් කර ඇත.

මැදගම පොලිස් වසමට අයත් අයිවෙල,සේනාපති ප්‍රදේශයේපදිංචි  අයෙකු ගේ නිවසට සොරෙකු ඇතුළු වීදේපොළ සොරා ගැනීම සම්බන්ධයෙන් ඔහු විසින් මැදගම පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පැමිණිල්ල කාන්තා උප පොලිස් පරීක්ෂකවරිය ලියා ගැනීමේදී රුපියල් 125,000ක් වටිනා කාන්තා නිමි ඇඳුම් සහරුපියල් 25,000 වටිනා වීදුරු භාණ්ඩ වල එමවටිනාකම සඳහන් නොකරමින්පැමිණිල්ල ලියා ගෙන ඇති බව කියමින් මෙම වැඩ තහනම සිදුකළ  බව එම ජේෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  මොනරාගල සහකාර පොලිස් අධිකාරී වරයෙකු ගේ පූර්ණ අධීක්ෂණය යටතේ තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.