(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ටී.එම්.වී.පී සංවිධානයේ නායක හිටපු අමාත්‍ය ශිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් කල් තියා දැනගෙන සිටි බවට තොරතුරු අනාවරණයවී ඇති හෙයින් එ් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
පිල්ලෙයාන් ප්‍රහාරය වනවිට සිට ඇත්තේ මඩකළපු බන්ධනාගාරයේ බවත් බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකුද ඔහු සමග එම බන්ධනාගාරයේ සිට ඇති බවත් අමාත්‍යවරයා කීය.
එම බුද්ධි අංශ සාමාජිකයන් පිල්ලෙයාන් සමඟ සමීපම කටයුතු කර ඇති බවටද තොරතුරු හෙළිවී ඇති බව ආනන්ද විජේපාල මහතා කීය.
එම බොහෝ කරුණු විමර්ශනවලට බාධා වන හෙයින් තමා මෙහිදී ප්‍රකාශ නොකරන බවද හෙතෙම පැවසීය.
ප්‍රහාරය පිළිබදව සංවේදී බරපතළ කාරණා ගණනාවක් අනාවරණය වී අැති බවත් මෙම ප්‍රහාරය ගැන දන්නා අසාත් මවුලානා නමැත්තා ලබාදී ඇති තොරතුරු පිළිබඳවද කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ සැකකටයුතු පුද්ගලයා පිළිබඳව හෝටලයේ පාලනාධිකාරය විද්‍යුත් පණිවිඩයකින් රාජ්‍ය බුද්ධි සේවයට දැනුම් දී තිබූ නමුත් බුද්ධි අංශ කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවද හෙතෙම පැවසීය.