පාස්කු ප්‍රහාර විවාදය අප්‍රේල් 09


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් අප්‍රේල් 9 වැනිදා ප.ව 2.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වී‍මට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

මේ අනුව පාස්කු ඉරැදින ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන  14 වැනි විවාදය මෙයයි.

විපක්ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කෙරේ.

පාර්ලිමේන්තුව අප්‍රේල් 7,9සහ 10 දිනවල පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.