පාසල්වල ආරක්ෂක කමිටුවක් පිහිටවන්න’යි දැනුම්දෙයි


රංජන් කස්තුරි
 
රටපුරා පාසල්වල ආරක්ෂාව දැඩි කිරීම සඳහා සෑම පාසලකම ආරක්ෂක කමිටුවක් පිහිටුවා ගන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.

පාසල් පරිශ්‍ර දිනපතාම නිරන්තර සෝදිසියකට ලක්කළ යුතු අතර ඒ සඳහා සිසුන්ගේ, දෙමාපියන්ගේ, ශිෂ්‍ය බටයින්ගේ ආදී වශයෙන් ඊට සහය ලබාගත යුතුවන බවද අධ්‍යාපන ලේකම් එම්.එන්.රණසිංහ මහතා නිකුත් කළ එම චක්‍රලේඛයේ සඳහන් වේ.

අනතුරුදායක තත්වය හා ඒවා වළක්වාගත යුතු ආකාරය සම්බන්ධයෙන් පාසල් ප්‍රජාව දැනුවත්  කරන ලෙසද ආසන්න පොලිස් ස්ථානය සමඟ එක්ව හා ආරක්ෂක කමිටු සමඟ එක්ව අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුවන බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.