(යොහාන් භාසුර)
ගෑස් භාවිතයේදී අනුගමනය කළ යුතු ආරක්‍ෂණ ක්‍රමවේද පිළිබඳව ඊළඟ පරම්පරව දැනුවත් කිරීමේ අරමුණින් ‘හෙට සුරකින අපේ ළමයි’ යන තේමාව යටතේ දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
ගෑස් සම්බන්ධයෙන් පසුගිය කාලයේ වාර්තා වූ ඇතැම් සිද්ධීන් පිළිබඳව අවදානය යොමු කර මෙම මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව කී මුදිත පීරිස් මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ප්‍රශ්න විචාරාත්මක, විවාද සහ කථික තරගමාලාවක් සංවිධානය කර ඇති බව ද සඳහන් කළේය.
ගෑස් ආරක්‍ෂිතව පාවිච්චි කිරීම, අරපිරිමැස්මෙන් භාවත කිරීම සහ ගෑස්වල අඩංගු සංඝටක ආදිය පිළිබඳව ගෑස් පාවිච්චියට පිවිසෙන රටේ ඊළඟ පරම්පරාව වන උසස් පෙළ දරුවන් දැනුවත් කිරීමට මූලික තරග වට පාසල් 500 කට වැඩි ප්‍රමාණයක පැවැත්වෙන බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.

