
(යොහාන් භාසුර)
‘කොවිඩ් 19’ අවදානමත් සමඟ පාසල් වසා දැමීමෙන් ආදායම් අහිමිවී සිටින පාසල් ළමුන් ප්‍රවාහන කරන වාහන හිමියන්ට ලීසිං සහනයක් ලබාදෙන ලෙස සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
එම සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්ද්‍ර පත්මසිරි මහතා පැවසුවේ මීට පෙර අවස්ථාවලදී රජය කොන්දේසි පනවා තිබියදී ද ලීසිං සමාගම් සිය සංගමයේ සාමාජිකයන්ට එන්තරවාසි යොමු කළ බවත් දැඩි අපහසුතාවට පත්ව සිටි මේ අවස්ථාවේදී රජය සෘජුවම මැදැහත්විය යුතු බවත්ය.
වසරකට වැඩි කාලයක් පාසල් වසා තැබීමෙන් තම සංගමයේ සාමාජිකයන් සියයට 90 ක් පමණ දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් සහනයක් නොලැබුණ හොත් පාසල් ළමුන් ප්‍රවාහන කර්මාන්තය බිඳ වැටෙන බවත් සභාපතිවරයා පැවසීය.

