පාසල් දැරියට අමුතු පාඩමක් කියා දුන් නියෝජ්‍ය විදුහල්පති අල්ලයි


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය,එස්.යු.ඩබ්ලිව්.කේ ජයවර්ධන,ආනන්ද ඊ ජයකොඩි සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)

අත්තනගල්ල ප්‍රදේශයේ විදුහලක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකට වට්ස්ඇප් මාර්ගයෙන් සිය නිරුවත ඡායාරූප යැවූ බව කියන එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ කියයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි දෙදරු පියෙකි.

වට්ස් ඇප් මගින් සිසුවියට සිය නිරුවත පෙන්වීම ට අමතරව පාසල් කාලය අතරතුර දී මෙම සිසුවිය නිල කාමරයට කැඳවා ලිංගික අතවර සිදුකර ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සිසුවිය සතුව තිබූ ජංගම දුරකථනයේ නිරුවත් ඡායාරූපයක් තිබෙනවා දුටු එම සිසුවියගේ මව ඒ ගැන සිය දියණියගෙන් තොරතුරු විමසා කරුණු අනාවරණය කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුව මව දියණියද කැටුව ගම්පහ පොලිස් ළමා ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ මේ ගැන පැමිණිලි කර ඇත.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිදේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ බස්නාහිර උතුරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න ළමා හා කාන්තා කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මතගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී උපාලි කාරියවසම් මහතාගේ මෙහෙයුම යටතේගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.