(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
නුවරඑළියේදී ලංගම බස් රියකට ගොඩ වූ පාසල් දරුවන්ට බසයෙන් බසින්නැයි කී කොන්දොස්තර වරයකු සියලු රාජකාරී වලින් ඉවත් කළ බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභා නායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
පාසල් දරුවන් ලංගම බස්රියකට නැගුණු අවස්ථාවේ අදාළ කොන්දොස්තරවරයා ඔවුනට බැස යන ලෙස පවසා ඇතැයිද මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ ද සංවාදයක් ගොඩනැගී තිබෙන්නේ යැයි ද කීය.
සීසන් ටිකට් පත් සහිත දරුවන් මෙන්ම සෙසු අය ලංගම බස් රථ වලින් අනිවාර්යයෙන්ම ප්‍රවාහනය කළ යුතු බවට අමාත්‍යාංශය තීන්දුවක්ද ගෙන තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ලංගම ඉහල කළමනාකාරීත්වය විසින් අදාල කොන්දොස්තරවරයාට එරෙහිව සියලු විනය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය. පරීක්ෂණ අවසන් වන තෙක් ඔහු නැවත රාජකාරී සඳහා නොයෙදවීමට ලංගම ඉහල කළමනාකාරීත්වය තීරණය කර ඇතැයිද අමාත්‍යවරයා කීය.