
(දයාසීලි ලියනගේ)
කොරෝනා වසංගත තත්වය නිසා පසුගිය මාස ගණනාවක් තුළ පාසල් ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට ක්‍රීඩාවලට සහභාගී වීමට නොහැකි වීම හේතුවෙන්, ඉදිරි සතිය තුළදී ක්‍රීඩාවල යෙදවීමට අවශ්‍ය සෞඛ්‍ය නිර්ණායක සකස් කර වහාම ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය බලධාරීන්ට නියම කළාය.
ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අදාළ ඇමැතිවරයා හා සෞඛ්‍ය ඇමැතිනියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පවත්වා තිබුණි.
එහිදී පාසල් දරුවන් යළි ක්‍රීඩාවල යෙදවීම සදහා සෞඛ්‍ය නිර්දේශ සකසා දෙන ලෙස ඉල්ලා තිබේ.
ඒ අනුව, සෞඛ්‍ය නිර්දේශ ඉදිරි සතිය තුළදී අධ්‍යාපන අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය ලබාදීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරිය සෞඛ්‍ය බලධාරීන්ට නියම කර ඇත.
කිසිදු හේතුවක් මත නොයෙකුත් ආසාත්මිකතා සහ සංකූලතා ඇති පාසල් ළමුන් ඇතුලු ක්‍රීඩකයින් ක්‍රීඩාව සදහා යොදා නොගැනීමට කටයුතු කළ යුතු බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජිව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීදරන් මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විඡේකෝන් මහතා, අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසිංහ මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ.


