(රංජන් කස්තුරි)
රටපුරා පාසල් 171ක විදුහල්පති පුරප්පාඩු පවතින අතර එම පුරප්පාඩු සම්පූර්ණ කරමින් එම පාසල්වලට ස්ථීර විදුහල්පතිවරුන් පත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
අධ්‍යාපන පරිපාලන ශ්‍රේණියේ පළමු පන්තියේ නිලධාරීන් විදුහල්පති තනතුරට පත්විය යුතු පාසල් 29ක් අධ්‍යාපන පරිපාලන ශ්‍රේණියේ දෙවන සහ තුන්වන ශ්‍රේණියේ නිලධාරීන් විදුහල්පති තනතුරට පත්විය යුතු පාසල් 31ක සහ ශ්‍රේණිධර විදුහල්පතිවරුන් පත්විය යුතු පාසල් 111ක ආදි වශයෙන් විදුහල්පති පුරප්පාඩු පවතින පාසල් 171ක් තිබෙන බව ද අධ්‍යාපන ලේකම්වරයා කියයි.
මෙම පාසල් අතරින් පාසල් 7කට ස්ථීර විදුහල්පතිවරුන් තොරාගෙන සිටින අතර ඔවුනට පත්වීම් ලබාදීම ප්‍රමාදවී ඇත්තේ අනකුත් විදුහල්පතිවරුන් ද තොරාගෙන සියලු දෙනාටම එකවර පත්වීම් ලබාදීමට අවශ්‍ය නිසා බව ද අධ්‍යාපන ලේකම්වරය කියයි.

