
(ආරියරත්න රණබාහු )
මේ රටේ වත්මන් අර්බුදයට හේතුව දේශපාලන අධිකාරිය විසින් නිර්මාණය කරන ලද ප්‍රශ්න නම් එය විසඳා ගත යුත්තේත් දේශපාලනය තුළින්ම යැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී පැවසීය
යාපනයේ වාලම්පුරි සංගිලියම් ශාලාවේ දී ඊයේ (04)පැවති ලංකා ගුරු සේවා සංගමයේ යාපන දිස්ත්‍රික් සමුළුව අමතමින් ඒ බව කී දිසානායක මහත එහිදි මෙසේද කීය
මා ඇතුළු අපේ ව්‍යාපාරය යෝජනා කරන්නේ මේ රට ගොඩනැගීමට නම් අපි සාමූහික ප්‍රයත්නයක් දරමු. අපේ අනාගත දරුවෝ යුද්ධ කරන්නෙ නැති රටක් අපට අවශ්‍යයි අපේ අනාගත පරම්පරාවට මේ රට ගොඩ නගමින් ජීවත් වෙන්න හොඳ ආර්ථිකයක් අවශ්‍යයි අපට නව දේශපාලනයක් අවශ්‍යයි අපි යෝජනා කරන්නේ අන්න ඒ නව දේශපාලනයට එකතුවෙන ලෙසයි.
අපි ගනුදෙනුකරුවෝද මා වෙළෙන්දෙක් නොවෙයි. අපිට ජන්දෙ දෙන්න කියලා මම කියන්නේ නෑ. මම යෝජනා කරන්නේ මේ රට ගොඩනැගීමට අපි සාමුහික ප්‍රයත්නයක යෙදෙමු කියලයි.
මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. උතුරේ ජනතාව ජනාධිපතිවරණවලට උනන්දු නොවන බව අපි දැක තිබෙනවා. අපේ රටට ජනාධිපතිවරයෙක් තෝරන එක කොළඹ නායකයෙක් පත්කරන එක සිංහල ජනතාවගේ වැඩක් කියන අදහසක් ඔවුන්ට තිබෙනවා.
නමුත් මේ රටට නායකයෙක් තෝරා ගැනීමේදී උතුරේ ජනතා වගේ සක්‍රීය මැදිහත්වීමක් අවශ්‍ය යැයි අප සිතනවා යැයි ද ඒ මහතා කීය.


