(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඔන්ලයින් ක්‍රමවලින් පාරිභෝගිකයන්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විධිවිධාන ඇතුළත් වන පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
අද රටේ විශාල ආගම් ප්‍රමාණයක් ඇති බවත් ඒ ආගම් කුමන ආකාරයට ක්‍රියාත්මක වෙනවද කියලා කිසිවකුත් නොදන්නා බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

